සුන්දර බළන්ගොඩ වෙතට ඔබ සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන අතරින් ඉතා විශේෂ ජෛවවිද්‍යාත‍්මක හා පාරිසරික ‍සුන්දරත්වයෙන් යුත් කලාපයක් ලෙස බළන්ගොඩ ප්‍රදේශය හදුන්වා දිය හැකිය. බළන්ගොඩ ප්‍රදේශය බළන්ගොඩ නගර සභාව, බළන්ගොඩ ප්‍රාදේශීය සභාව, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන පරිපාලන ප්‍රදේශ වලට වෙන්ව පවතී. බළන්ගොඩ  නගරය මුහුදු මට්ටමේ සිට ඇති උස මහනුවර නගරයේ පිහිටීමට සමාන වේ. බළන්ගොඩ ප්‍රදේශය ඉතා සෞම්‍ය පරිසරයකින් හා මනරම් කදුපන්ති වලින් වටවී ඇත. මීට වසර 15-20 කට පමණ පෙර බළන්ගොඩ දැනට වඩා සීතල දේශගුණයක් පැවතියත් සමනල වැව නිර්මාණය කිරීම නිසා සිදුවු දැවැන්ත වනාන්තර විනාශය හේතුවෙන් සිසිල් දේශගුණය බළන්ගොඩින් ඉවතට ගොස් ඇත. එහෙත් වැසිබර  කාලගුණයක් පවතන විට මිහිදුමින් වැසී ගත් ඉතා සුන්දර පරිසරයක් මැවේ. බළන්ගොඩ ප්‍රදේශයේ සිටින්නෙකුට පැයක් තුල ඉතා සිසිල් දේශගුණයකට හෝ ඉතා ශුෂ්ක උණුසුම් දේශගුණකට පිවිසීමේ භාග්‍ය ඇත.
විටින් විට බළන්ගොඩ ප්‍රදේශය සපුරා නිර්මාණය වන සොදුර දසුන් මෙම බ්ලොග් අඩවිය ඔස්සේ ඔබ වෙත සමීප කරවීමට අප සැලසුම් කර ඇත.  එසේම බළන්ගොඩ ප්‍රදේශයට පැමිණෙන හෝ පැමිනීමට බලාපොරොත්තු ‍වන සැමට අවශ්‍ය තොරතුරු හා බළන්ගොඩ සුන්දරත්වය ‍ඔබට ගෙන ඒමට මෙම බිලොග් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වේ.

සුන්දර බළන්ගොඩ ට මෙතැනින් පිවිසෙන්න